අවිහරණය කළොත් සම්බාධක ඉවත් කරනවා



උතුරු කොරියාව, න්‍යෂ්ටික අවි හරණය සිදුකළ සැණින් තමන් එරටට පනවා ඇති සියලු සම්බාධක ඉවත් කරන බව දකුණු කොරියා රජය වෙනුවෙන් එරට විදේශ ඇමැතිනී කන්ග් ක්යංග් වා කියයි.

න්‍යෂ්ටික අවිහරණයක් සිදුකරන බවටත්, න්‍යෂ්ටික අවි අත්හදා බැලීම වහා නවත්වන බවටත් උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුවේ ප්‍රතිඥා දී ඇත.

කෙසේ නමුත්, තවමත් පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික අවිහරණයක් සිදු කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් කටයුතු කර නොමැති බව දකුණු කොරියාව කියයි.

මේ වනවිට කිම් ජොන් උන් සිටින්නේ චීනයේ සංචාරයක නියැලෙමිනි. එම සංචාරයේ දී චීන ජනාධිපතිවරයා ද අවධාරණය කළේ කඩිනමින් න්‍යෂ්ටික අවිහරණයක් කිරීමට කටයුතු කරන ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS