අවි ගැටුමින් 7ක් මරුට



ඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේ සිදුවුණු අවි ගැටුමකින් සිවිල් වැසියන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

වෙඩි හුවමාරුව සිදුවූයේ ෂිර්නෝ ගම්මානයේය. ඉන්දීය මෙම ගම්මානයේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කළ බවත්, එහිදී ගම්මානයේ සැඟවී සිටි ඉස්ලාමීය බෙදුම්වාදීන් හමුදා සාමාජිකයන්ට වෙඩි තැබීමට පටන් ගත් බවත් පැවැසෙයි.

ඉන්දීය හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බෙදුම්වාදීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන්දීය හමුදාව පසුව කියා සිටියේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය බෙදුම්වාදී සටන්කාමීන් තිදෙනා හිස්බ් උල් මුජහදීන් සන්නද්ධ කල්ලියේ සාමාජිකයන් කියාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS