අවන්හලක පිපිරීමකින් 42 ක් රෝහලේ



ජපානයේ අවන්හලක රාත්‍රියේ පිපිරීමක් සිදුවීමෙන් 42 ක් රෝහල් ගත කෙරුණි. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් යැයි පසුව අනාවරණය විය.

පිපිරීම සිදුවූයේ ජපානයේ හොකයිඩෝ දූපතේ සැප්පරෝ නුවර අවන්හලකය. පිපිරීමෙන් අවන්හලට පමණක් නොව, අසල පිහිටි ගොඩනැගිලි වෙළෙඳසැල් සහ මෝටර් රථවලට ද හානි සිදුවිය. පිපිරීමත් සමඟ නගර වැසියන් මහත් සේ කලබලයට පත්වූ බව විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS