අයුතු වැඩ කළ නිලධාරීන් දොට්ට



සිවිල් සේවා අමාත්‍ය, කාලිඩ්බින්අබ්දුල්ලා අල්අරාජ්බලයෙන් පහ කරන ලෙසට සෞදි රජු, සලමන් අබ්දුල්ලාසිස් අල්-සවුද් නියෝග කර ඇති අතර වැඩ බලන සිවිල් සේවා අමාත්‍යවරයා ලෙස ඉස්සාම් බින් සයිඩ් පත් කර ඇති බව සෞදි නිල මාධ්‍යායතනය නිවේදනය කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

සිවිල් සේවා අමාත්‍යවරයා විසින් සිදුකරන ලද බලතල අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධව සෙවීමටත්, යම්කිසි වරදක් සිදු කර ඇත්නම් ඔහුට විරුද්ධව පියවර ගැනීම සදහා කමිටුවක් සෞදි රාජකීය අධිකරණය මගින් පත් කළේය.

සියළුම පරීක්ෂණ අවසන් වීමෙන් පසු අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස සෞදි රාජකීය අධිකරණය මගින් පත් කරන ලද කම්ටුව නිර්දේශ කර ඇත.

අමාත්‍ය බලතල භාවිතා කරමින් තනතුරුට සරිලන අධ්‍යාපන සුදුසුකම් නොමැති අමාත්‍යවරයාගේ පුතෙකු අමාත්‍යාංශයේ තනතුරක් ලබාදී ඔහුට සෞදි රියාල් 21,000ක වැඩි මාසික වැටුපක් ලබාදීම ඔහුට එල්ලවී ඇති චෝදනාව බව අල්මස්ඩ් අන්තර්ජාල පුවත්පත වාර්තා කර  සිටියේය. 

සෞදි රජුගේ නියෝගයෙන් තවත් ඉහළ පෙළේ නිලධාරීන් තුන් දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සංස්කෘතික සහ තොරතුරු අමාත්‍ය ආචාර්‍ය ඇඩෙල් බින් සයිද් අල්-ටොරයිෆයි එම ධුරයෙන් ඉවත් කර අචාර්‍ය එවාඩ් බින් සලේ අල්-එඩාඩ් පත් කිරීමට නියෝග කර ඇත.

සෞදි සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය මොහොමඩ් බින් ඒබ්‍රාහිම් අල්-සුවහයෙල් සහ ක්‍රීඩා අධිකාරියේ සභාපති, අබ්දුල්ලා බින්සයිඩ්බින්අබ්දුල් අසීස් කුමරු යන දෙදෙනා එම තනතුරු වලින් ඉවත් කර අබ්දුල්ලාහ් බින්අමර්අල්සවහල්ලා සහ මොහොමඩ් බින්අබ්දුල්මලික්අල්ෂෙයික් පත් කරන ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS