අභ්‍යවකාශ බලඇණිය



ඇමෙරිකා හමුදාවේ සයවැනි බලඇණිය, ‘අභ්‍යවකාශ බලකාය’ යනුවෙන් නම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළේය.

මෙය සිදුවූයේ ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පෙන්ටගනයේ මැදිහත් වීමෙනි. සය වැනි බලඇණිය, ‘අභ්‍යවකාශ බලකාය’ ලෙස නම් කරමින් අදාල ලියවිල්ලට ට්‍රම්ප් අත්සන් කළේ ඇමෙරිකා ආරක්ෂක අංශ ප්‍රධානීන් ද පිරිවරාගෙනය.

මෙම බලකාය ඇමෙරිකාව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොව, අනාගතයේ සිදුවන අභ්‍යවකාශ කටයුතු වෙනුවෙන් ද යෙදවීමට නියමිතය. ඉදිරියේ දී සිදු කිරීමට නියමිත චන්ද්‍ර සහ අඟහරු චාරිකා සම්බන්ධයෙන් ද මෙම නව බලකාය යෙදෙවෙනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS