අතුරු මැතිවරණයෙන් විපක්ෂය ඉදිරියට



පාකිස්තානන පාර්ලිමේන්තු ආසන 11 ක් වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණයෙන් ආසන හතරක් දිනා ගැනීමට හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය සමත් වී ඇත.

ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සතුව පැවැති ආසන දෙකක් ද දිනා ගැනීමට ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය සමත් වූ බව වාර්තා වේ. ඒ අතර, ඉම්රාන් ඛාන් නියෝජනය කළ ලාහෝර් ආසනය ද ඇතැයි පැවැසෙයි.

කෙසේ නමුත් ‘මුස්ලිම් ලීගය එන්’පක්ෂය මෙලෙස ජයග‍්‍රහණය කළත්, ඉම්රාන් ඛාන්ගේ රජයට කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS