අගමැතිනියට පාර්ලිමේන්තුවේ විරෝධය



මහා බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ මුල්කොට ගනිමින්, බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, සකස් කළ යෝජනාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසුමක් පැවැත්වුණු අතර මන්තී‍්‍රවරුන්ගෙන් බහුතරය ඡුන්දය ලබා දුන්නේ එම යෝජනාවට විරෝධය දක්වමිණි.

බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මෙම ‘බි‍්‍රක්සිට්’ යෝජනාව සකස් කර ඇත්තේ යුරෝපා සංගමයේ ප‍්‍රධානීන් සමඟ සාකච්ඡුා පැවැත්වීමෙන් පසුවය.

කෙසේ නමුත්, බි‍්‍රතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂයෙන් පමණක් නොව, තෙරේසා මේ නියෝජනය කරන කොන්සවර්ටිව් පක්ෂයෙන් පවා එම යෝජනාවට විරෝධය එල්ල වී තිබුණි. ඒ, එම යෝජනාව බි‍්‍රතාන්‍ය වැසියන්ට හිතකර නොවන බව පෙන්වා දෙමිනි.

යෝජනාවට විරෝධය පළ කළ මන්තී‍්‍රවරුන් ගණන 432 කි. යෝජනාවට පක්ෂව අගමැතිනී තෙරේසා මේට සහාය පළ කළ මන්තී‍්‍රවරුන් ගණන 202 කි. මෙය අගමැතිනී තෙරේසා මේගේ දුර්වල නායකත්වයට එරෙහිව එල්ල වුණු අතුල් පහරක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එපමණක් නොව, මෑත ඉතිහාසයේ බි‍්‍රතාන්‍ය රජයක් මුහුණ දුන් දරුණුතම පසුබෑම ලෙස ද මෙය සැලකෙයි.

අගමැතිනී තෙරේසා මේ ඡුන්ද විමසුමෙන් පරාජය ලැබීමත් සමඟ, බි‍්‍රතාන්‍ය විපක්ෂ නායක ජෙරමි කෝර්බින් කියා සිටියේ, අගමැතිනිය සහ ඇගේ සුළුතර රජයට එරෙහිව විශ්වාසභංගයක් මැතිසභයට ඉදිරිපත් කරන බවය. 1924 වසරෙන් පසු බි‍්‍රතාන්‍ය අගමැතිවරයකු ප‍්‍රමුඛ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය මෙය යැයි විපක්ෂ නායකයා ජෙරමි කොර්බින් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේය.

එම විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්වෙන අතර එයින් අගමැතිනිය රජය පරාජයට පත්වුවහොත් බි‍්‍රක්සිට් මුල්කොට ගනිමින් බි‍්‍රතාන්‍යයේ නිර්මාණය වුණු දේශපාලන අර්බුදය තවත් උත්සන්න වනු ඇතැයි බියක් හටගෙන තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS