අගමැති ටෲඩෝට අභියෝග රැසක්



කැනඩාවේ 43 වැනි මහ මැතිවරණය අද පැවැත්වෙයි. සිය දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන් අගමැති 47 හැවිරිදි ජස්ටින් ටෲඩෝ, ලිබරල් පක්ෂයට නායකත්වය දෙමින්, මැතිවරණයට ඉදිරිපත් වෙයි.

ජෝ ක්ලාක්ගෙන් පසු, කැනඩා අගමැති ධුරයට පත්වුණු ළාබාලතම අගමැතිවරයා වන්නේ ටෲඩෝය. 2015 මහ මැතිවරණයෙන් ටෲඩෝ අති විශිෂ්ට ජයක් හිමි කරගත්තේ, පිරිසුදු දේශපාලනඥයකු ලෙසය.  ටෲඩෝ සහ ලිබරල් පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 184 කි. එය සියයට 39.47 ක ප්‍රතිශකයකි.

2015 අගමැති ධුරයට පත්වීසෙන් පසු දුන් ඡන්ද පොරොන්දුවලින් බොහොමයක් ඉටු කිරීමට අගමැති ටෲඩෝ සමත් විය. කෙසේ නමුත් ඉටු නොකළ පොරොන්දු කිහිපයක් ද වෙයි.

2015 දී මෙන් නොව, මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ටෲඩෝ ට චෝදනා රැසක් එල්ල වී ඇත. සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සහ විදෙස් ප්‍රතිපත්ති සහ විදෙස් සංචාර සම්බන්ධයෙන් ටෲඩෝ කැනඩා වැසියන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට ලක් වී සිටී.

අගමැති ටෲඩෝ, පසුගිය 2018 දී බිරිඳ සහ දරුවන් සමඟ ඉන්දියාවට ගිය ගමන ද කැනඩා වැසියන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. හිටපු නීතිපතිට කළ බලපෑම්, තෙල් නළ පද්ධතිය මුල්කොට ගනිමින් ද සෞදිය සමඟ සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් ද අගමැති ටෲඩෝට චෝදනා එල්ල වී ඇත.

අගමැති ටෲඩෝ සහ ලිබරල් පක්ෂයට ප්‍රධාන වශයෙන් අභියෝගයක් එල්ල වනු ඇත්තේ, ඇන්ඩෲ ෂියර්ගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් සහ ජග්මීත් සිංගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි. 40 හැවිරිදි ජග්මීත් සිංග්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, කොන්සවර්ටිව් පක්ෂය අභිබවා යනු ඇති බවත්, ජස්ටින් ටෲඩෝ ට අගමැති පුටුව අහිමි කිරීමට හැකි සුදුස්සා ජග්මීත් සිංග් බවත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

කැනඩා මහ මැතිවරණය පැවැත්වෙන්නේ, පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රණ සභාවේ ආසන 338 සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය. බහුතර බලය සඳහා ආසන 170 ක් දිනා ගැනීම කළ යුතුය.

මොන්ත්‍රියාල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS