2050 දී ජනගහනය බිලියන 9.7 ක්



ලෝකයේ ජනගහනය වසර 2050 වෙද්දී, බිලියන 9.7 ක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. අද වනවිට ලෝකයේ ජනගහනය  බිලියන 7.7 කි.

මේ බව පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආර්ථික සංවර්ධන සහ සමාජීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවය. ඒ ඔවුන්​ගේ නවතම වාර්තාව හරහාය.

වසර 2100 වෙද්දී පෘථිවියේ ජනගහනය බිලියන 11 ක් දක්වා ඉහළ යනු ඇති බව ද එම වාර්තාව පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS