1,000 ක් අතුරුදන්



ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයට මහත් ව්‍යසනයක් ගෙන දුන් මහා ළැව් ගින්නෙන් 1,000 ක පිරිසක් අතුරුදන්ව ඇති බවත්, මරණ සංඛ්‍යාව 71 තෙක් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

ළැව් ගින්නෙන් පැරඩයිස් නමැති කඳුකර නගරය මුළුමනින්ම විනාශ විය. මියගියේ සහ අතුරුදන්ව ඇතැයි පැවැසෙන්නේ, පැති කිහිපයකින් පැතිර යන්න වුණු ළැව් ගින්නට මැදි වුණු නිසා යැයි ද පැවැසෙයි.

ළැව් ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ගින්නෙන් විනාශ වුණු හෙක්ටයාර් ගණන 57,000 කි. කැලිෆෝනියා බලධාරීන් වාර්තා කළේ වාර්තාගත දේපල හානියක් සිදුවුණු බවය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS