රජ පවුලට රජ පැටියෙක්



බ්‍රිතාන්‍යයේ කේට් මිඞ්ල්ටන් කුමරිය (36) අද (23) එරට වේලාවෙන් 11.01 ට පුතකු බිහි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විලියම් කුමරු සහ කේට් කුමරිය එසේත් නැතිනම් කේම්බ්‍රිජ් ආදිපාදවරියගේ පවුලේ තෙවැනි දරුවා වන්නේ මෙම කුමරුය. උපන් අවස්ථාවේදී කුමරුන්ගේ බර රාත්තල් 8 ක් වුණු බව ද පැවැසෙයි.

සුපුරුදු පරිදි දරු ප්‍රසූතිය සිදුවූ බව පැවැසෙන්නේ ලන්ඩනයේ ශාන්ත මේරී රෝහලේය. කේට් කුමරියගේ පළමු පුතු ජෝර්ජ්, දියණිය චාලට් පමණක් නොව විලියම් කුමරු පවා උපත ලබා ඇත්තේ මෙම රෝහලේය.

විලියම් සහ කේට් කුමරිය පදිංචි කෙන්සින්ටන් මාලිගය මේ බව නිවේදනය කරමින් වැඩි දුරටත් කියා සිටියේ කේට් කුමරිය සහ අලුත උපන් කුමරා හොඳින් සිටින බවය. නව පුත් කුමරුට නම් තැබීම ඉදිරියේ දී සිදුවුනු ඇත.

කුමරුගේ උපත වෙනුවෙන් කෙන්සින්ටන් මාලිගය අසලට රැස්වුණු බොහෝ දෙනා සවුදිය පුරමින් ඔල්වරසන් නගන්න වුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අලුත උපන් මෙම කුමරු බ්‍රිතාන්‍ය කිරීටයට උරුමකම් කියන පස්වැනියා වනු ඇති අතර, මොහු දෙවැනි එලිසබත් මහ රැජිනගේ සය වැනි මී මුණුපුරා ද වෙයි.

 

විලියම් කුමරු සහ කේට් කුමරිය පිළිගැනීමට මාධ්‍යවේදීන් ශාන්ත මේරි රෝහල ඉදිරියට එක් රොක් වී සිටියහ. විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු හෙයින් ඔවුන්ට රෝහල තුළට ඇතුළු විය නොහැකි විය.

මේ අතර, විලියම් සහ කේට් කුමරිය අපේක්ෂාවෙන් සිටි මාධ්‍යවේදීන් ඉදිරියට වෙනත් නව යුවළක් ඔවුන්ගේ අලුත උපන් බිලිඳා සමඟ පැමිණි අවස්ථාවේදී, ඔවුන් දෙදෙනා ද මාධ්‍යවේදීන්ගේ අවදානයට ලක්වුණු බව මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS