විස දුමාරය ඉස්ලාමාබාද් අගනුවරට



පාකිස්තානයේ ලාහෝර් නුවර වසා ගත් විස ඝන දුමාරය මේ වනවිට එරට ඉස්ලාමාබාද් අගනුවර තෙක් පැතිර ගොස් ඇති බවත් ගුවන් ගමන් 600 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බවත් එරට පුවත්  සේවා වාර්තා කරයි.

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය නිවේදනය කළේ ඝන විස දුමාරය හේතුවෙන් යානා පියාසර කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති හෙයින් ගුවන් ගමන් රැසක් අවලංගු කළ බවය.

ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට ලක් වී සිටින බවත්, ඔවුන් ගුවන්තොටුපොළවල කොටු වී සිටින බවත් පැවැසෙයි.

මෙම ඝන විස දුමාරය ‘ස්මොග්’ යනුවෙන් බටහිර විද්‍යාඥයෝ හඳුන්වති. දුමාරය රථ වාහන සහ කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන දුම්, මීදුම් සහ දූවිලි එක් වී මෙම දුම නිර්මාණය වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS