මල්ලි බබා බලන්න ඇවිල්ලා



චාලට් කුමරිය සහ ජෝර්ජ් කුමරු අලුත උපන් ඔවුන්ගේ බාල සොයුරා බැලීමට ලන්ඩන් නුවර ශාන්ත මේරී රෝහලේ ලින්ඩෝ ගොඩනැගිල්ලට පැමිණියහ.

චාලට් කුමරිය සහ ජෝර්ජ් කුමරු පැමිණියේ ඔවුන්ගේ පියා විලියම් කුමරු සමඟය. චාලට් කුමරියගේ වයස අවුරුදු දෙකකි. ඇය පෙර පාසල් අධ්‍යාපනය ලබන්නීය.

චාලට් කුමරිය පියා විලියම් කුමරුන්ගේ අතේ එල්ලී රෝහලට පැමිණෙද්දී රැස්ව සිටි පිරිසට අත වැනීමට ද අමතක නොකළාය.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS