කේබල් කාර් නැවැතිලා



මැලේසියාවේ ලන්ග්කාවි සංචාරක දූපතේ කේබල් කාර් පද්ධතිය හිටිහැටියේ අක්‍රියවීමෙන්, දෙස් විදෙස් සංචාරකයන් 89 දෙනකු පැය ගණනාවක්, එම කේබල් කාර්වල සිරවී සිටීමට සිදුවුණැයි මැලේසියානු පුවත් සේවා වාර්තා කළේය.

කේබල් කාර් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ සංචාරක දූපතේ කඳු අතරේය. කේබල් කාර් අක්‍රියවීමත් සමඟ සංචාරකයන් 800 කට වැඩි පිරිසක් කඳු මුදුන්වල සිරවී සිටියේ යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS