ගැබොන් ජනාධිපති සෞදියේ රෝහලක



අප්‍රිකාවට අයත් ගැබොන් රාජ්‍යයේ ජනාධිපති අලී බොන්ගෝ තවමත් සෞදියේ රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

59 හැවිරිදි ජනාධිපතිවරයා මීට සතියකට පෙර හෘදයාබාධයකට ලක් වී, වහා සෞදියට ගෙන එන ලදී. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් අතට හැරී නැති බව ගැබොන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS