‘සැලී’ ඇමෙරිකාව කලඹයි



මහ වැසි සහ තද සුළං ද සමඟ ‘සැලී’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව ඇමෙරිකාවට කඩා වැදුණි.

ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, මාස 4 ක් තිස්සේ ලැබෙන වර්ෂාව ‘සැලී’ සුළි කුණාටුව සමඟ පැය 4 කින් ලැබුණු බවය. සුළි කුණාටුව ෆ්ලොරීඩාවට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 169 ක වේගයකිනි.

සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ වෙරළාරක්ෂිත පළාත්වල පදිංචි දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

සුළි කුණාටුවෙන් දරුණු හානි සිදුවූයේ ෆ්ලොරීඩා ජනපදයේ පෙන්සකෝලා ප්‍රාන්තවලටය. සුළි කුණාටුව හේතුවෙන් එක් අයකු මියගිය බවත් 12 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. ජල ගැලීම්වලට හසුවී, කොටුවුණු 100 කට වැඩි පිරිසක් බේරා ගැනීම සිදුවිය. ඒ හඳහා හෙලිකොප්ටර් යානා ද යෙදවිණි.

සුළි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුමට බාධා එල්ල විය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ විදුලි බලය අහිමි ඇමෙරිකානුවන් ගණන 5,50,000 ක් බවය. පෙන්සකෝලා හි පළාත් රැසක් අඩි 5 කට වැඩා ජලයෙන් යටවී ඇති බව ද පැවැසෙයි.

පෙන්සකෝලාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS