‘දෙවැනි රැල්ලට’ සීරුවෙන්



නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්නැයි ද නගර බලධාරීහු නියෝග කර ඇත.

ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් අඩුවීමත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමටත් හැකි වූ බව සඳහන් කරමින් එම නගරයට සහ එම නගරය අයත් හුබෙයි පළාතට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීන බලධාරීහු මීට දින කිහිපයකට පෙර පියවර ගත්හ.

කෙසේ නමුත් හුබෙයි පළාතට සහ වූහාන් නගරයට පැමිණෙන සංචාරකයන්ගෙන් වයිරසය ව්‍යාප්ත වීමේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති වී ඇතැයි චීන බලධාරීහු අනතුරු අඟවති. එබැවින් නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින් විමසිල්ලෙන් සිටින්නැයි ද චීන බලධාරීහු වූහාන් නගර වැසියන්ට නියෝග කර ඇත.

වයිරසයේ ව්‍යාප්තියත් සමඟ වූහාන් නගරය මාස දෙකකට කාලයක් සම්පූර්ණයෙන් වසා දැමීමටත් හුබෙයි පළාතට දැඩි සීමා පැනවීමටත් චීන බලධාරීහු පියවර ගත්හ. සිකුරාදා දිනයේදී වූහාන් නගරයෙන් නව ආසාදිතයන් 31 දෙනකු සොයාගත් අතර ඉන් 29 දෙනකුම පිටතින් පැමිණි අය බව චීන බලධාරීහු කීහ. වයිරසය හේතුවෙන් සිකුරාදා දිනයේදී පමණක් වූහාන් නගරයෙන් 4 දෙනකු සොයාගත් බව ද ඔවුහු කීහ.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්ස්/ ද ගාඩියන් 

RECOMMEND POSTS