ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසක් ‘ගලිබෝයි’ ට



බොලිවුඞ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන 65 වැනි වරට ඊයේ (15) පැවැත්වුණු අතර, මෙවර හොඳම චිත්‍රපටය ද ඇතුළු ප්‍රධාන පෙළේ සම්මාන 11 ක් දිනා ගැනීමට සමත් වූයේ රැප් සංගීතය හා ගෙතුනු ‘ගලිබෝයි’ චිත්‍රපටයයි.

හොඳම චිත්‍රපටයට අමතරව, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ ‘ගලිබෝයි‘ අධ්‍යක්ෂ සෝයා අක්තාර්ය.

හොඳම නළුවා සහ නිළිය ගලිබෝයි චිත්‍රපටයට රංගනයෙන් එක් වුණු රන්වීර් සිං සහ ආලීයා බාත් ය.

හොඳම සහාය නළුවා සහ සහාය නිළිය ලෙස සිද්ධාන්ත් චතුර්වේදී සහ අම්රුතා සුභාෂ් සම්මානයට පාත්‍ර වූයේ ද ‘ගලිබෝයි’ වෙනුවෙනි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS