හොංකොං විරෝධතාකරුවන්ට පොලිසියෙන් ප්‍රහාර



හොංකොං පාලකයන්ට එරෙහිව, එරට වැසියන් ආරම්භ කළ විරෝධතා රැලියකට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කළේය.

සාමකාමීව ඇරැඹුණු විරෝධතා, පොලිස් ප්‍රහාරය හේතුවෙන්, ප්‍රචණ්ඩකාරී විය. පෙරේදා (21) මෙම විරෝධතාව පැවැත්වූයේ, හොංකොං පාලකයන්, පොලිසිය යොදවා විරෝධතාකරුවන් අමානුෂික අයුරින් මර්දනය කිරීමට විරෝධය දක්වමිණි. විරෝධතාකරුවන් හොංකොං පාලකයන්ගෙන් ඉල්ලා සිටියේ, හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසටය.

විරෝධතාවට 4,30,000 ක් එක්වුණු බව විරෝධතා සංවිධානය කළ ශිෂ්‍ය සංගම්, සිවිල් සංගම් සහ වෘත්තීය සමිති පවසා ඇත. කෙසේ නමුත් පොලිසිය කියා සිටියේ විරෝධතාවට එක්වුණු පිරිස 1,38,000 ක් පමණක් බවය.

හොංකොංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS