හවායි දූපතෙන් කොරෝනා රෝගියෙක්



නව කොරෝනා වයිරසය ආසාදිතයකු හවායි දූපත් රාජ්‍යයෙන් හමුවී ඇත. හවායි යනු ඇමෙරිකාවට අයත් දූපත් සමූහයකි.

මෙම කොරෝනා ආසාදිතයා හවායි පැමිණි ජපන් ජාතිකයකු බව පැවැසෙයි. හවායි බලධාරීන් මෙම ජපන් ජාතිකයා හුදෙකලා කර ඇති බවත්, ඔහු ආ ගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම් කරන බවත් වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS