සිදු වු පිපිරීම් වලින් පුද්ගලයින් 138 ක් මරුට



(විනීතා ගමගේ, හේමලතා රාපක්ෂ, යොහාන් බාසුර,  ඉන්දිකා රාමනායක සහ බිගුන් මේනක ගමගේ, තිලිණිද සිල්වා, තුෂාර සිල්වා)

 

 

කොළඹ කොච්චිකඩේ, මීගමුව   කටුවපිටිය සහ මඩකලපුව  දේවස්ථාන තුනක්   ඇතුළු ස්ථාන 6 ක  අද උදෑසන  සිදු වු  පිපිරීමකින්  පුද්ගලයින් රැසක්  තුවාල ලබා ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

කොළඹ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ද තවත් බෝම්බ පුපුරා ඇතැයි වාර්තා වේ.

මේ අතර මඩකලපුව ප්‍රදේශයේද පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම්  අද උදෑසන 8.45ට පමණ  මෙම සිදුවිම් වී තිබේ. 

තුවාල  ලැබූවන්  මේ වන විට කොළඹ ජාතික රෝහලට   ඇතුළු කරමින් පවතින බවද පොලීසිය සඳහන්  කරයි. තුවාල ලැබුවෝ 80 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.‍

කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් පුද්ගලයින් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් ඇතැයිද තොරතුරු වාර්තා වී  ඇති අතර මේ වන විටි එහි ඇති සිරුරු ඉවත් කිරීමේ කටයුතු අරඹා තිබේ. දේවස්ථානය තුළ සැකකටයුතු පාර්සල් දෙකක් ද  ඇති බව  සඳහන් කරන පොලීසිය ඒවාද බෝම්බ විය හැකි බව සඳහන් කරයි.

මෙම  ස්ථානවල රැදී සිටින  ජනතාවට ඉවත් වන ලෙසද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරන අතර  මෙම ස්ථානයන්හි ආරක්ෂාවද තර කර ඇතැයි ප්‍රකාශකවරයා සඳහන් කළේය.


මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 42 කට අධික පිරිසක් මේ වන විට කොළඹ ජාතික රෝහලට  ගෙනවිත් ඇති අතර  තුවාල ලැබුවෝ 280 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයිද  තුවාල ලැබුවෝ අතර විදේශිකයින් විශාල පිරිසක්  සිටින  බවද රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළාය.


කොළඹ අගරදරගුරු නිල නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර මේවනවිට සියලු දේවමෙහෙයන්ද අවලංගු කර තිබේ.


මේ  වන විට ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කර තිබේ. 


අද උදෑසන සිදු වු පිපිරිම් වලින් මේ වන විට කොළඹ ජාතික රෝහලේ   මළ සිරුරු   42 ක් , මීගමුව රෝහලේ මළ සිරුරු 62 ක් සහ මඩකලපුව රෝහලේ  සිරුරු 27 ක් සහ   රාගම රෝහලේ මළ සිරුරු 07 ක් ඇති බව කොළඹ  ජාතික රෝහලේ අධ්‍යක්ෂ  අනිල් ජා සිංහ මහතා ප්‍රකාශ කළේය.

මිය ගිය  පුද්ගලයින් අතර විදේශිකයින් 9 දෙනකු ද සිටින  බව   ඔහු සඳහන් කළේය. 

 

(ඉන්දිකා රාමනායක - කොච්චිකඩේ දේවස්ථානය)


(ඉෂාන් සංජීව - ෂැන්ග්‍රිලා,කිංස්බරි සහ සිනමන් හෝටලයන්හි  ඡායාරූප)


(ජවුෆර් ඛාන් - මඩකලපුව දේවස්ථානය)

 




 


 


(ඡායාරූප - චන්දන ප්‍රනාන්දු - කටුවපිටිය දේවස්ථානය)

 

 

 

 

 

 

 



 

(ඡායාරූප -   චතුර එස් .කොඩිකාර - කොචිිචිකඩෙිි පල්ලිය)

 


 

 

 

(ඡායාරූප - යොහාන් බාසුර - කොළඹ ජාතික රෝහල ඉදිරිපිට)

 


RECOMMEND POSTS