ශ්‍රී ලංකාවේ අයි.එස්. ඉන්නවා



ඉරාකයේ සහ සිරියාවේ අඩපණ වුණු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ඉන්දියාව, ශ්‍රී ලංකාව, තුර්කිය,  ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් කීපයක ක්‍රියාත්මක වන බව ඉන්දියාවේ හින්දුස්ථානී ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

හින්දුස්ථානි ටයිම්ස් පුවත්පත මෙසේ වාර්තා කළේ ‘සන්නද්ධ අරගල සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණය’ නමැති සංවිධානය ප්‍රසිද්ධ කළ පරීක්ෂණ දත්ත ඇතුළත් වාර්තා උපුටා දක්වමිනි.

ඉරාකයේ සහ සිරියාවේ දුර්වල තත්ත්වයකට වැටුණු අයි.එස්. ත්‍රස්තවාදීන් බටහිර ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල් හරහා ලොවට තර්ජනයක් වී  ඇති බව හින්දුස්ථානි ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

(හින්දුස්ථානී ටයිම්ස්)


RECOMMEND POSTS