විශාලතම ‘කොවිඞ් 19’ රෝහල



‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් වෙන් කළ ලොව විශාලතම රෝහල ගැන තොරතුරු ඉන්දියාවෙන් වාර්තා වෙයි.

‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් වෙන් කර කළ මෙම රෝහල අර්ධ වශයෙන් පසුගිය දා විවෘත විය. මෙය නම් කර ඇත්තේ ‘සර්දාර් පාටෙල්’ කොවිඞ් රැකවරණ මධ්‍යස්ථානය යන නමිනි.

‘සර්දාර් පාටෙල්’ කොවිඞ් රැකවරණ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ දිල්ලියේ චත්‍රපූර් පළාතේය.

විවෘත කරන ලද රෝහල් කොටසේ ඇඳන් 2,000 ක් ඇති බව දිල්ලි ප්‍රාන්ත රජය කියයි. ඉදි කිරීමට නියමිත කොටසේ ඇති ඇඳන් ගණන 8,000 කි.

ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා මෙන්ම දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ගේ ප්‍රධානත්වයෙන් රෝහල විවෘත කෙරුණි.
(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS