වයිරස ආසාදිතයන්ගේ අඩුවීමක්



‘කෝවිඞ් 19’ යනුවෙන් නම් කළ නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන සුළු වශයෙන් අඩුවී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළේය.

චීන  ජාතික සෞඛ්‍ය කොමිසම මෙසේ නිවේදනය කළේ ඔවුන්ට ලැබෙන දත්ත සන්සන්දනය කර ගනිමිනි. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවර කේන්ද්‍ර කොට ගනිමිනි. වයිරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේත්, ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් හමුවී ඇත්තේත් වූහාන් නුවරින්ය.

මේ වනවිට වයිරසය ආසාදිතයන් ගණන 69,256 ක් බව වාර්තා වී තිබේ. වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,669 ක් බවත් වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 9,645 ක් බවත් වාර්තා විය.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS