ලොකු විශ්වාසයක් තියාගන්න එපා



 

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමේ අරමුණින් නිපදවන එන්නත් කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් තබා ගැනීමෙන් වළකින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

'කොවිඩ් 19 කියන්නේ විශේෂිත වයිරසයක්, එහි ස්වභාවය සාමාන්‍ය හෙම්බිරිස්සාවක් වගෙයි. ප්‍රතිකර්මයක් සොයා ගැනීම ඒ අනුව පහසු වන්නේ නැහැ. එන්නතක් නිපදවූවත් එය සාර්ථක වේවිද ? කොතරම් කාලයක් එයින් ප්‍රතිශක්තියක් ඇතිවේවිද ? නිශ්චිතව කියන්න බැහැ. ඒ නිසා කවුරු කවුරුත් කළ යුත්තේ වයිරසයේ අවදානම හඳුනා ගනිමින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමයි' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙද්‍රෝස් ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS