රුසියාවේ මැතිවරණ නීති වෙනස් වෙයි



රුසියාවේ මැතිවරණ නීති වෙනස් කරමින් නව විද්‍යුත් ක්‍රමයක් හදුන්වා දීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත.

මැතිවරණ නීති මෙසේ වෙනස් කිරීමට කටයුතු යෙදී ඇත්තේ 'කොවිඩ් 19' වයිරස වසංගතය නිසා මැතිවරණ පැවැත්වීම කළ නොහැකි බැවිනි. ‍

හදුන්වා දෙන නව විද්‍යුත් ක්‍රමයට අනුව, රුසියානුවන්ට  තැපැල් මගින් පවා ඡන්දය ප්‍රකාශ කළ හැකි වෙයි. ඒ අනුව ඔවුන්ට නිවසින් පිට ඡන්ද පොළට යෑමට සිදුවන්නේ නැත.

 විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ පද්ධතිය සහ ක්‍රමවේදය සම්බන්ධයෙන් රුසියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩි ලෙස විරෝධය පළ කර තිබේ. ඒ, එමගින් පහසුවෙන් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කළ හැකි යැයි පෙන්වා දෙමිනි.

ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණයට, අතුරු මැතිවරණවලට පමණක් නොව ජනාධිපතිවරණයට ද මෙම විද්‍යුත් ක්‍රමවේදය භාවිතයට ගැනීමට නියමිත බව රුසියානු මැතිවරණ කොමිසම පවසා තිබේ.

රුසියන් ජනපති පුටින්ගේ ධුර කාලය අවසන් වනු ඇත්තේ 2024 දීය. එහෙත් ඔහු 2036‍ තෙක් ධුරයේ රැදී සිටීමට අපේක්ෂා කරන බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS