රුසියාවේ එන්නත ඉන්දියාවට විකුණන්න සූදානම්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවූ ‘ස්පුට්නික් 5’ එන්නත ඉන්දියාවට විකිණීමට රුසියාව සූදානම් වෙයි. ඒ, ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක් සමඟ ඇති කරගත් එකඟතාවකට අනුවය.

එම එකඟතාව ඇති කරගෙන තිබෙන්නේ රුසියානු සෘජු ආයෝජන අරමුදල සහ ඉන්දියාවේ ‘ඩොක්ටර් රෙඩීස් ලැබොරටොරි’ ඖෂධ සමාගම අතරේය. එම ඖෂධ සමාගම හරහා රුසියාව, ඔවුන්ගේ ‘ස්පුට්නික් 5’ එන්නත ඉන්දියාව තුළ නිර්මාණය කිරීමට ද සූදානම් වෙයි.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS