රාහුල්ගේ උපන් දිනයට මෝදිගෙන් සුබ පැතුම්



ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි‍ අද (19) සිය 49 වැනි ඡන්ම දිනය සමරන අතර, ඔහුට පළමුවෙන්ම සුබ පැතුවේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය.

ට්විටර් පණිවුඩයක් මගින් ‘නිදුක් නීරෝගී ජන්ම දිනයක් වේවා’ යැයි අගමැති මෝදි, රාහුල්ට පවසා ඇත. පසුගිය ඉන්දීය ලෝක් සභා මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ප්‍රබල ලෙස පරාජයට පත්වුණු අතර නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය අති විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය.

ලැබූ පරාජයෙන් පසු තමන් පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ල අස්වන බව රාහුල් පැවැසූ අතර, මේ වනවිට තාවකාලිකව පක්ෂ සභාපති ධුරය හොබවන්නේ රාහුල්ගේ මව මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාව ද වන සෝනියා ගාන්ධිය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS