යුරෝපා රටවල දේශසීමා විවෘත කෙරේ



‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් වසා දැමුණු දේශසීමා අද (1) සිට රටවල් 15 ක් සඳහා විවෘත කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය.

ලොව වැඩිම ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. එහෙයින්, යුරෝපා සංගමයට අයත් රටවල් ඇමෙරිකානුවන්ට විවෘත නොවන බව පැවැසෙයි. කෙසේ නමුත් වයිරසය ආරම්භ වූ චීනයට අවසර හිමි වී ඇත.

යුරෝපා සංගමයට අයත් රටවල් ගණන 27 කි. එම රටවල් ඔවුන්ගේ දේශසීමා වසා දැම්මේ ‘කොවිඩ් 19’ වයිරසය යුරෝපයේ වේගයෙන් පැතිරෙන්න වූ අවස්ථාවේදීය. අද වනවිට ඉතාලිය, ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍යයෙන් ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් වාර්තා වුවත්, එම සංඛාව සැලකිය යුතු මට්ටමින් අඩු වෙමින් පවතී.

බ්‍රසල්ස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS