යුරෝපයේ පළමු කොරෝනා මරණය



කොරේනා ආසාදිත 80 හැවිරිදි චීන ජාතිකයකු මියගිය බව ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර ඇත.

ඒ අනුව, යුරෝපා රටකින් කොරෝනා මරණයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වෙයි.

මියගොස් ඇත්තේ චීනයේ හුබෙයි පළාතේ සිට ප්‍රංශයට පැමිණි මහල්ලෙකි. රෝගය උත්සන්න වී මොහු රෝහල් ගත කර ඇත්තේ ජනවාරි 25 වැනිදාය. මේ මහල්ලා ප්‍රංශයට පැමිණ ඇත්තේ ජනවාරි 16 වැනිදාය.

‘කෝවිඞ් 19’ කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 25 කට වැඩි ප්‍රමාණයකට පැතිර ගොස් ඇත. ප්‍රංශයට අමතරව මරණ වාර්තා වී ඇත්තේ පිලිපීනයෙන්, හොංකොං දේශයෙන් සහ ජපානයෙනි.

(රොයිටර්)

 


RECOMMEND POSTS