මෙලානියාගේ ප්‍රතිමාවට ගිනි තියලා
ස්ලොවේනියාවේ රොන්සෝ නගරයේ තිබූ ඇමෙරිකන් ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාව කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වේ.
ස්ලොවේනියාව යනු මධ්‍යම යුරෝපයට අයත් රටකි. මෙලානියා උපත ලැබුවේ ස්ලොවේනියාවේ රොන්සෝ නගරයේ ය. ඇය ස්ලොවේනියාවේත් ඇමෙරිකායෙව්ත් පුරවැසිභාවය ඇති තැනැත්තියකි. මෙලානියා ඇමෙරිකා පැමිණියේ නිරූපිකාවක ලෙසිණි.
කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී විවාහ වූයේ 2005 ජනවාරියේ ය. ඒ, ට්‍රම්ප්ගේ තෙවැනි බිරිඳ ලෙසිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වීමත් සමඟ මෙලානියා ඇමෙරිකන් ජනාධිපති ආර්යාව බවට පත් විය. ට්‍රම්ප් සහ මෙලානියාගේ වයස් පරතරය අවුරැදු 24 කි.
මෙලානියාගේ රුව සිහි ගන්වමින් මෙම ලී ප්‍රතිමාව, ඇය උපත ලැබූ රොන්සෝ නගරයේ එළිදැක්වීම සිදු කළේ 2019 ජූලි 5 වැනිදා ය. මෙය ලී ප්රතිමාවකි.
පෙනුම මෙලනියාගේ සැබෑ පෙනුමට සමාන නොවුණත්, ප්‍රතිමාවෙන් නිර්මාණය කෙරෙන්නේ ඇය යැයි නිර්මාණකරු ඇලෙක් සුපෙවෙක් පවසා ඇත. ඇලෙක් සුපෙවෙක් ස්ලොවේනියා නිර්මාණ ශිල්පියෙකි. ප්‍රතිමාවේ උස මෙලිනියාගේ සැබෑ උසට සමානය.
මෙලානියා ලා නිල් ඇදුමකින් සැරැසී සිටින ලෙස ලී ප්‍රතිමාව නිර්මාණය කර තිබේ. 2016 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ට්‍රම්ප් දිවුරුම් දෙද්දී, මෙලානියා ඔහු අසල සිටියේ ලා නිල් ඇඳුමකින් සැරැසීය. එම අවස්ථාව සිහිපත් කරමින් ප්‍රතිමාව නිර්මාණය කර ඇත.
ලී ප්‍රතිමාව ගිනි තබා විනාශ කර ඇත්තේ පසුගිය 4 වැනිදා ඇමෙරිකාව සිය නිදහස් දිනය සමරද්දීය. ප්‍රතිමාවට ගිනි තැබූ පුද්ගලයන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි.
ප්‍රතිමාව ගිනි තැබීම කරන්න ඇත්තේ, ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි විරෝධය දක්වන කණ්ඩායමක් යැයි සැක කෙරේ. ප්‍රතිමාව ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ මෙලිනියා ට්‍රම්ප් හෝ කිසිදු ප්‍රකාශයක් කර නොමැත.
රොන්සෝහිදීය (රොයිටර්)