මැලේසියා අගමැති මහතීර් ධුරයෙන් සමුගනී



මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් අද (24) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් 94 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, තමන් ඉල්ලා අස්වන බව මැලේසියානු රජුට දැනුම් දුන් බවය.

ආචාර්ය මහතීර් මොහොමඞ්, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ ‘පක්ටාන් හරප්පාන්’ පාලක සන්ධානයෙන්, ඔහු නියෝජනය කළ ‘බෙර්සාටූ’ පක්ෂය ඉවත් වීමත් සමඟය.

‘පක්ටාන් හරප්පාන්’ පාලක සන්ධානයෙන් ‘බෙර්සාටූ’ පක්ෂය ඉවත් වූයේත් ආචාර්ය මහතීර් මොහොමඞ් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේත් පසුගිය දින කිහිපයේ හටගත් දේශපාලනික අර්බුදය මුල්කොට ගනිමිනි.

ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS