මහ මැතිවරණයට සියල්ල සූදානම්



පාර්ලිමේන්තු මහ මැතිවරණය දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,895 කදී හෙට (5) උදෑසන 7.00 සිට ආරම්භ වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා ගැනීමටය.

එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුවක් වන ජන්ද දායකයින් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා සිටින බව පැවැසෙයි.

ඡන්ද විමසීම පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන අතර පස්වරු 4 සිට 5 දක්වා කාලය වෙන්කර ඇත්තේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා නිවෙස්වල නිරෝධායනයට ලක් කර සිටින පිරිස්වලට ඡන්දය ප්‍රකාශ කිරීමටය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඡන්ද විමසීම සිදුවන්නේ විශේෂ සෞඛ්‍ය නිර්දේශ යටතේය.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS