භූමි කම්පාවකින් ජපානය කැලඹෙයි



රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් ජපානය කැලඹිණි.

භූමි කම්පාවෙන් පසු සුනාමියක් ද කඩා වැදුණු බව පසුව වාර්තා විය. සුනාමියෙන් ජීවිත හෝ දේපොළ හානියක් සිදු නොවිණි. භූමි කම්පාවෙන් 13 දෙනෙක් තුවාල ලැබූහ.

නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. භූමි කම්පාව හටගත්තේ ටෝකියෝ අගනුවරට උතුරු දෙසින් මුහුදු පතුලේය.

ටෝකියෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS