බි‍්‍රතාන්‍ය අගමැති රෝහලේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවසේ නිරෝධායනය වෙමින් සිටි, බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වහා රෝහල් ගත කෙරුණු බව වාර්තා වේ.

අගමැතිවරයා රෝහල් ගත කෙරුණේ ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසුවය. අගමැති ජොන්සන් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ මීට දින 10 කට පෙරය.

වෛද්‍ය උපදෙස් මත අගමැතිවරයා වහා රෝහල් ගත කළ බවත්, එය ආරක්ෂිත පියවරක් ලෙස කළ දෙයක් බවත්, අගමැතිවරයාගේ තත්ත්වය යහපත් බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS