බි‍්‍රතාන්‍ය අගමැතිගේ තත්ත්වය බරපතල නෑ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අසාදනය වී, සංකූලතා හට ගැනීමත් සමඟ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය යහපත් බවත්, ඔහුට නියුමෝනියා තත්ත්වයක් නොමැති බවත් වෛද්‍යවරු පවසති.

අගමැති ජොන්සන් රෝහල් ගත කෙරුණේ රෝගය වැලඳී දින 10 කට පසුවය. එම දින 10 ඇතුළත ඔහු අංක 10 ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ නිරෝධායනය වෙමින් සිටියේය. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමත් සමඟ අගමැතිවරයා, විදේශ ලේකම් (ඇමැති) ඩොමිනික් රෝබ් භාරකාර අගමැති ලෙස පත් කළේය.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS