බස්රථ - දුම්රියවල පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතයි



(මහින්ද නිස්සංක)

සියලු මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල ද පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතා දමා ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. දුම්රිය පාර්සල් බාරගැනීම ද නවතා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද(21) උදෑසන දේවස්ථාන සහ හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් අනතුරුව මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය කර ඇතැයි ඔවුහු පවසති.

මේ අනුව අද (21 දා සිට) කිසිදු පාර්සලයක් බස්රථවල පටවා නොගන්නා ලෙස රියදුරු සහ කොන්දොස්තරවරුන්ට දැනුම දී ඇත. 

මෙයට අමතරව සියලු දුම්රිය ස්ථාන සදහා ආරක්ෂාව සපයන ලෙස පොලිසියට හා දුම්රිය ආරක්ෂක හමුදාවට උපදෙස් දී ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා  පැවසීය.


RECOMMEND POSTS