පිලිපීන වැසියෙක් පොලිස් වෙඩි පහරින් මරුට



නිරෝධායන නීති කඩ කරමින්, පොලිස් අණ නොතකා යෑමට උත්සාහ කළ සිවිල් වැසියකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණැයි පිලිපීන පුවත් සේවා වාර්තා කළේය.

ජීවිතක්ෂයට පත්වූයේ 63 හැවිරිදි අයෙකි. මොහු නිරෝධායනය කළ අග්සෙන් දෙල් නෝත්‍ර නමැති පළාතේ වැසියෙකි. මොහු සිය වාහනයෙන් පොලිස් මුරපොළක් හරහා යෑමට තැත් කර ඇත්තේ පොලිස් නිලධාරීන්ට බැණ කලහ කරමිනි

පොලිස් අණට කීකරු නොවී බලහත්කාරයෙන් මුරපොළ පසු කර යෑමට තැත් කළ බැවින් පොලිසිය මෙම පුද්ගලයාට වෙඩි තැබූ බවත් ඔහු එම ස්ථානයේදීම මියගිය බවත් නාසිපිත් ගම්මානයේ බලධාරීහු පවසති. මෙම වැසියා එම ගම්මානයේ පදිංචිකරුවෙකි.
නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම අයකුට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ පොලිසියටත් හමුදාවටත් පවසා ඇත.

පිලිපීන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමිනි. ව්‍යාප්තවීම වැළැක්වීමට, පිලිපීන සෞඛ්‍ය බලධාරීන් ගෙන යන නිරෝධායන වැඩිපිළිවෙළ ජනතාව අවතක්සේරු කිරීම හේතුවෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවත්, එසේ කරන්නේ පිලිපීන වැසියන්ගේ ජීවිත බේරා ගැනීමට බවත් පිලිපීන ජනපතිවරයා එම අවස්ථාවේදී පැහැදිලි කළේය.

‘වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට දැඩි නීති අවශ්‍යයි. අප එම නීති පැනැවීමක් කළා. පළාත් නකගර රැසක් ලොක්ඩවුන් කළා. ජනතාවට නිවෙස්වල ඉන්නැයි උපදෙස් දුන්නා. මේ නීති කඩන අය සිටිනවා නම්, එයාලා හදන්නේ මැරෙන්නයි. එයාලා නිසා අනෙක් අහිංසක වැසියන්ට මැරෙන්න දෙන්න බැහැ. ඒ නිසා නීති කඩන අය මරලා දානවා’ යැයි ජනාධිපතිවරයා ජාතිය ඇමැතූ අවස්ථාවේදී පැහැදිලි කළේය.

මේ වනවිට පිලිපීනයේ ‘කොවිඞ් 19’ යිරස ආසාදිතයන් සංඛ්‍යාව 3,000 පසු කර ඇති අතර, වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් තිබේ.

මැනිලා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS