නිරෝධායනයට අකමැති නම් වෙඩි තියන්න



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිව වැළැක්වීමට රජය සහ සෞඛ්‍ය බලධාරීන් ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළට විරුද්ධව කලහකාරීව හැසිරෙන ඕනෑම කෙනකුට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් එරට හමුදාවටත් පොලිසියටත් අණ දී තිබේ.

‘මා හැමෝටම අනතුරු ඇඟවීමක් කරනවා. වයිරසය පිලිපීනයේ අපට පමණක් නොවෙයි මුළු ලෝකයටම තර්ජනයක්. වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට අප තහංචි පනවා තිබෙනවා. නිවෙස්වලින් එළියට යන්න එපා කියා තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්ට අකීකරු වී කලහකාරීව හැසිරෙන පුද්ගලයන් සිටිනවා නම් කිසිම සමාවක් නැහැ. ආරක්ෂක අංශ ඔවුන්ට වෙඩි තියාවි’ යැයි පිලිපීන ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

පිලිපීනයේ ආසාදිතයන් සංඛ්‍යාව 2,300 දක්වා ඉහළ ගොස් තිබුණි. වාර්තා වූ මරණ සංඛ්‍යාව 96 ක් ලෙස සටහන් වුණු බවත් 50 දෙනකු සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති බවත් වාර්තා වේ.

මැනිලාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS