දුර්ලභ ගොරිල්ලන් හමුවෙලා



ලොව දුර්ලභ ගණයේ ගොරිල්ලා උප විශේෂයක් ලෙස සැලකෙන්නේ නයිජීරියාවේ ගංගා තරණය කරන ගොරිල්ලන්ය. ඉංග්‍රීසියෙන් මෙම ගොරිල්ලන් හැඳින්වෙන්නේ 'ක්‍රොස් රිවර් ගොරිල්ලා' යනුවෙනි.

දඩයම්කරුවන්ගෙන් එල්ල වන තර්ජන වන විනාශය සමඟ වාසස්ථාන අහිමිවීම හේතුවෙන් මෙම ගොරිල්ලන් වදවී යමින් සිටින බව වාර්තා වේ. වන ජීවීන් පෙන්වා දෙන අන්දමට මෙවැනි ගොරිල්ලන් සිටින්නේ 300 කට අඩු සංඛ්‍යාවක් පමණි.

වනජීවීන් සුරැකීමේ සංවිධානය මැදිහත් වෙමින්, මෙම නයිජීරියානු ගංගා තරණය කරන ගොරිල්ලන් ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, අද වනවිට වසර ගණනකට පසු පළමු වරට ගොරිල්ලා අම්මලා සහ අලුත උපන් පැටවුන් පිරි රංචුවක් දැක ගැනීමට හැකි වී ඇත.

මෙම රංචුව දැක ගැනීමට හැකි වී ඇත්තේ ඔවුන් ජීවත් වන වනාන්තර ප්‍රදේශයේ රහසිගතව ඇටවූ කැමරා ආධාරයෙනි.

නයිජීරියාවේ ක්‍රියාත්මක වනජීවීන් සුරැකීමේ සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර, විදෙස් ආධාර ඔවුන්ට නොඅඩුව ලැබෙන්නේ මෙම ගොරිල්ලන් සුරැකීම වෙනුවෙනි.

(බීබීසී)


RECOMMEND POSTS