තවත් සුළි කුණාටුවක් බහාමාස් දෙසට



මීට දින කීපයකට පෙර ‘ඩොරියන්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුවෙන් බැටකෑ බහාමාස් දූපත් රාජ්‍යයට තවත් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් පැමිණෙමින් ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා කාලගුණ විද්‍යාඥයන් මෙම සුළි කුණාටුව නම් කර ඇත්තේ ‘හුම්බර්ටෝ’ යනුවෙනි. බහාමාස් බලධාරීන් සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කර ඇති බව ද වාර්තා වේ.

‘ඩොරියන්’ සුළි කුණාටුව හේතුවෙන් බහාමාස් වැසියෝ පනස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 1,300 ක පිරිසක් අතුරුදන්ව ඇති බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS