ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්



ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් පමණක් සහභාගී වූ ගගන සක්මනකට දායක වූ ගගනගාමිනියන් දෙදෙනා වන ජෙසිකා මියෙර් සහ ක්‍රිස්ටිනා කොක් සජීවීව සම්බන්ධ කර ගනිමින් ඔවුන්ට සුබ පැතීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළේය.

ධවල මන්දිරයේ සිට ට්‍රම්ප්, උප ජනාධිපති මයික් පෙන්ස්, ට්‍රම්ප් දියණිය මෙන්ම ඔහුගේ උපදෛ්ශිකාවක ද වන ඉවන්කා, නාසා ප්‍රධානී ජිම් බ්‍රයිඩ්න්ස්ටයින් ඇතුළු ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ජෙසිකා මියෙර් සහ ක්‍රිස්ටිනා කොච් සම්බන්ධ කර ගත්තේ වීඩියෝ පණිවුඩ හුවමාරුවක් හරහාය.

එහිදී ට්‍රම්ප් ජෙසිකා මියෙර් සහ ක්‍රිස්ටිනා කොක් හඳුන්වා දුන්නේ ‘ගගන සක්මනකට එක්වුණු පළමු කාන්තාවන්’ කියාය. ජෙසිකා මියෙර් සහ ක්‍රිස්ටිනා කොච් එය නිවැරදි කිරීමට පියවර ගත්තාය.

ගගනගාමිනියන් මීට පෙර අවස්ථා ගණනවකදී ගගන සක්මන්වල නියැලී ඇත. ඒ පිරිමි ගගනගාමීන් සමඟ එක් වෙමිනි. කාන්තා ගගනගාමීන් දෙදෙනකු පමණක් ගගන සක්මනකට එක්වුණු පළමු ඓතිහාසික අවස්ථාව මෙයයයි. ජෙසිකා මියෙර් සහ ක්‍රිස්ටිනා කොක් පැහැදිලි කර තිබේ.

(ඬේලිමේල්)


RECOMMEND POSTS