ජෝජියාව නොසන්සුන්
රුසියානු මන්ත්රී සර්ගේ ගැව්රිලෝව් ප්රමුඛ රුසියානු නියෝජිත කණ්ඩායමේ ජෝජියා සංචාරයට එරෙහිව විරෝධය දක්වමින් එරට ටිබ්ලිසි අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධා පැවැත්විණි.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටට රැස්වී විරෝධය දක්වන්න වූයේ ගැව්රිලෝව් ප්රමුඛ රුසියානු නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.
පිරිස පාලනයට කැරැලි මර්දන පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්රහාර පවා එල්ල කළේය.
විරෝධතාකරුවෝ 30 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. තුවාල ලැබූ 39 දෙනෙකු රෝහල් ගත කළේ යැයි ද වාර්තා වේ.
හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජෝජියාව බලා ගමන් කරන රුසියන් ගුවන් යානා අවලංගු කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර්ස්)