ජොජ් ෆ්ලොයිඩ් මියගියේ හුස්ම හිරවීමෙන්



පොලිස් අත්අඩංගුවේ සිටිද්දී ජෝජ් ‍ෆ්ලොයිඩ් නමැති 46 හැවිරිදි කළු ජාතිකයා මියගියේ හුස්ම හිරවී සිහිසුන් වීමෙන් පසුව බව දෙවැනි වර සිදු කළ මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි මිනසෝටා ජනපද නීතිපති කීත් එලිසන් පවසා ඇත.

මෙම දෙවැනි මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ ජෝජ් ‍ෆ්ලොයිඩ්ගේ පවුලේ අය කළ ඉල්ලීමකට අනුවය. ඒ සඳහා වෙනත් මරණ පරීක්ෂකයකු කැඳවීමට ද පියවර ගෙන තිබුණි. ජෝජ් ‍ෆ්ලොයිඩ් මියගියේ පසුගිය 25 වැනිදාය.

එම අවස්ථාවේ මිනියැපොලිස් පොලිස් ස්ථානයේ මරණ පරීක්ෂකවරයා නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූයේ ‍ෆ්ලොයිඩ්ගේ මරණය හුස්ම හිරවී සිදුවූවක් නොවන බවය.

‍ෆ්ලොයිඩ්ට වෙනත් රෝගී තත්ත්වයක් තිබෙන්න ඇති බවත් එම රෝගී තත්ත්වය හේතුවෙන් මරණය සිදුවන්න ඇති බවත් එම මරණ පරීක්ෂකවරයාගේ නිගමනය විය.

ස්වාධීන මරණ පරීක්ෂණයක් අවශ්‍ය බව ‍ෆ්ලොයිඩ්ගේ පවුලේ අය ඔවුන්ගේ නීතීඥවරයා හරහා ඉල්ලා සිටි අතර, ඒ සඳහා අවසර හිමිවිය.

වොෂින්ටනයේදීය (‍රොයිටර්)


RECOMMEND POSTS