ජනපති සෙලෙන්ස්කිගේ පාලක පක්ෂයට ජය



යුක්රේන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ පක්ෂයට බහුතර බලය හිමිවිය.

‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ පක්ෂය සියයට 43.9 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත් බව යුක්රේන මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත. ජනපති ධුරයේ සිටින වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ දේශපාලන පක්ෂය දේශපාලනයට අධුනිකය.

ජනපති වීමට පෙර, සෙලෙන්ස්කි රූපවාහිනී විකට නළුවෙකු විය. සෙලෙන්ස්කි ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ නමැති රූපවාහිනී විකට කතා මාලාවක යුක්රේන ජනාධිපති ලෙස රංගනයේ යෙදුණේය.

සෙලෙන්ස්කි දේශපාලනයට පිවිසියේ එම රූපවාහිනී විකට කතා මාලාවේ නම යොදා ගනිමින් පිහිටුවූ නව පක්ෂය හරහාය.

මේ වනවිට ජනපති සෙලෙන්ස්කි කෙරෙහි පමණක් නොව, ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ පක්ෂය කෙරෙහි ද ජනතා ප්‍රසාදයක් ලැබී ඇති බව මැතිවරණ ජයෙන් පෙනී යන බව යුක්රේන දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

කීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS