ඡන්ද විමසීම අවසන් - ගණන් කිරීම හෙට



පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225ක් තෝරාගැනීම‍ වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු අද (5) පස්වරු 5.00ට අවසන් විය.

ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 7.00ට ආරම්භ වූයේ විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග යටතේය. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසුවේ මෙවර මැතිවරණය ඉතා සාමකාමී අයුරින් පැවැත්වුණු බවයි.

මෙවර වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය සියයට 75කි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඡන්ද ප්‍රතිශතය සියයට 63ක් වන අතර එය දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් වාර්තා වූ අඩුම ඡන්ද ප්‍රතිශතය බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

බදුල්ල, ත්‍රිකුණාමලය, මොණරාගල යන දිස්ත්‍රික්කවලින් සියයට 74 බැගින් ද, වන්නි, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් සියයට 73 බැගින්ද, කොළඹ, දිගාමඩුල්ල, මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් සියයට 72 බැගින් ද, මාතලේ, මහනුවර සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල සියයට 71 බැගින් ද, ගාල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් සියයට 69 බැගින් ද යාපනයෙන් සියයට 64ක් ද වශයෙන් මෙවර ඡන්දය ප්‍රකාශ වී තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.‍

මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඡන්දය ගණන් කිරීම වෙනදා මෙන් අද (5) රාත්‍රියේම ආරම්භ නොවන අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන්නේ හෙට (6) උදෑසනය

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS