චීනය මුහුණ දුන් දරුණුම අර්බුදය



මෑත කාලයේ චීනය මුහුණ දුන් දරුණුම අර්බුදය නව කොරෝනා වයිරසය යැයි චීන ජනාධිපති ෂී ජින් පින් පවසා ඇත.

චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව 2,442 දක්වා ඉහළ යෑමත්, ආසාදිතයන් ගණන 76,936 දක්වා ඉහළ යෑමත් සමඟය.

වයිරසය හේතුවෙන් චීනය දැඩි ආර්ථික පසුබෑමකට ලක් වී ඇති බව ද ජනාධිපති ජින්පින් පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS