චීනයේ එන්නත තායිලන්ත වැසියන්ට



තායිලන්තය කොරෝනා එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේය. තායිලන්ත වැසියන්ට ලබා දෙන්නේ චීනයේ නිෂ්පාදිත ‘සිනොවැක්’ ප්‍රතිශක්තිකරණ එන්නතය.

‘කොවිඩ් 19’ වයිරසය 2019 දෙසැම්බරයේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය පළමුවෙන් ව්‍යාප්ත වූ විදේශය වන්නේ තායිලන්තයයි.

‘සිනොවැක්’ එන්නත පළමුවෙන් තායිලන්ත කැබිනට් අමාත්‍යවරුන්ටත් සෞඛ්‍ය නිලධාරීන්ටත් ලබා දෙන බව රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චීන රජය, ‘සිනොවැක්’ එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් තායිලන්තයට පරිත්‍යාග කර තිබේ. තායිලන්ත වැසියන්ට ලබා දෙන්නේ එම එන්නත්ය. එන්නත ලබා දෙන්නේ එය ලබා දීමට සුදුසු යැයි තීරණය කළ අවුරුදු 18 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයන්ට පමණක් යැයි ද පැවැසෙයි.

බැංකොක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS