ග්‍රීන්ලන්තය විකුණන්නේ නැහැ
ආක්ටික් සාරයේ පිහිටි ග්‍රීන්ලන්ත දූපත ව්‍යාපාරික තෝතැන්ක් බවත් එය මිලදී ගැනීමේ අදහසක් තමාගේ ඇති බවත් කෝටිපති ව්‍යාපාරිකයකු ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් ග්‍රීන්ලන්ත වැසියන්ගේත් පාලක මණ්ඩලයේත් දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත.
ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්රදේශයකි. ග්‍රීන්ලන්තයේ ජනගහනය 56,000 කි. ඔවුන්ගෙන් වැඩිදෙනා ස්වදේශික ඇස්කිමෝ ගෝත්‍රිකයන්ය. ‘ට්‍රම්ප් මහත්මයා ග්‍රීන්ලන්තය විකුණන්නේ නැහැ’ යැයි ග්‍රීන්ලන්ත විදේශ ඇමැතිනිය ඈන්ලෝන් බැගර් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට දන්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්ස්)