කුඩා න්‍යෂ්ටික අවි හදනවා



න්‍යෂ්ටික අවිහරණයට යොමු වී සිටින බව ඇමෙරිකාව ඇතුළු සෙසු රටවලට පවසමින්, උතුරු කොරියාව රහසේ ප්‍රමාණයෙන් කුඩා න්‍යෂ්ටික අවි නිර්මාණය කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙසේ චෝදනා කර ඇත්තේ, රටවල් රැසකින් ඔවුන්ට ලැබුණු තොරතුරු පාදක කර ගනිමින් යැයි පැවැසෙයි. උතුරු කොරියාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තොරතුරු ලබා දුන්නේ කිනම් රටවල් ද යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කර නැත.

උතුරු කොරියාව කුඩා ප්‍රමාණයේ එම න්‍යෂ්ටික අවි නිපදවීම සඳහා අත්හදා බැලීම් සිදු කර ඇති බවත් පැවැසෙයි. ඒ සියල්ල සිදු කර ඇත්තේ හොර රහසේය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු ලෝකයට ප්‍රතිඥා දී ඇත්තේ, කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් කැමැති බවය.

නායක කිම් ජොන් උන් එසේ පැවැසුවත්, ඇමෙරිකාව අපේක්ෂා කරන ආකාරයට උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු වී නැත. සාමයට කැපවීමෙන් පසු 2017 සිට මේ දක්වා තමන් න්‍යෂ්ටික අත්හදා බැලීම් කිසිවක් පවසා නැතැයි උතුරු කොරියාව පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS